General20 June 2026

යතුරුපැදියකට ගිනි ඇවිළෙයි

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කටුගොඩ ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රදේශවාසීන් ඇතුළු මාර්ගයේ ගමන් කරන පිරිස එක් වී ගින්න නිවා දැමීමට සමත් වුණා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

යතුරුපැදියේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරුපැදිය ගිනිගන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes