International21 June 2026

වසර 25ක් කැස්බෑවුන් සුරැකි මෝනා ඛලීල් ඊශ්‍රායල ප්‍රහාරයකින් සමුගනියි

දකුණු ලෙබනනයේ වෙරළ තීරය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑවුන්ගේ ප්‍රධානතම බෝවන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ 76 හැවිරිදි සුප්‍රසිද්ධ ලෙබනන පරිසර ක්‍රියාකාරිනියක වන මෝනා ඛලීල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට සති දෙකකට පෙර දකුණු ලෙබනනයේ ටියරේ (Tyre) නගරය අසල මන්සූරි (Mansouri) වෙරළ තීරයේ පිහිටි ඇයගේ නිවසට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඇය බරපතල තුවාල ලබා තිබෙනවා.

දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය පසුගිය සිකුරාදා (19) මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කලාපීය සාමය පවත්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, දකුණු ලෙබනනය පුරා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි වී ඇති අතර ඇයගේ මරණය සිදුවූයේද එවැනි වාතාවරණයක් තුළයි.

වසර 25කට වැඩි කාලයක් පුරා මෝනා ඛලීල්, ලෙබනන දකුණු වෙරළ තීරයේ බිත්තර දමන, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති 'ලොගර්හෙඩ්' (Loggerhead) සහ හරිත මුහුදු කැස්බෑවුන් (Green sea turtles) ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිතයම කැප කර තිබුණා.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes