International21 June 2026

ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ලෙබනනය තුළ ගැටලු ඇති කිරීම සඳහා මුදල් ලබා දී මෙහෙයවන සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වහාම නතර කිරීමට ඉරානය පියවර ගත යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අවධාරණය කරනවා.

තම ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ටෙහෙරාන් පාලනය වහාම ක්‍රියාත්මක වී මෙම කණ්ඩායම් පාලනය කළ යුතු බවයි.

"ඉරානය ඔවුන්ගේ ඉහළ වැටුප් ලබන ලෙබනනයේ සිටින ප්‍රොක්සි (Proxy) කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීමෙන් වහාම වැළැක්විය යුතුයි." යනුවෙන් ජනපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

එසේ නොමැති වුවහොත් ඉරානයට එරෙහිව දැඩි මිලිටරි ක්‍රියාමාර්ග ගන්නා බවට ද ඔහු අනතුරු අඟවා ඇති අතර, ඔහු සඳහන් කරන්නේ, "ඔවුන් එය නොකළහොත්, අප පසුගිය සතියේ ඉරානයට එල්ල කළ ප්‍රහාරයට වඩා බෙහෙවින් ප්‍රබල ප්‍රහාරයක් නැවත වරක් ඔවුන් වෙත එල්ල කරනවා," යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes