General22 June 2026

වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා හඳුන්වා දීමට නියමිත (National Single Window) ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලසීමාවන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ආනයන හා අපනයන ඇතුළු වෙළෙඳ කටයුතුවල පවතින ප්‍රමාදයන් මඟහරවා ගනිමින් එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා වන වෙළෙඳාම වෙනුවෙන් වන (National Single Window for Trade) මෙම වසරේ ජූලි මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

මීට අමතරව, මෙරටට පැමිණෙන විදේශීය සහ දේශීය ආයෝජන දිරිගැන්වීම සහ ඊට අදාළ රාජ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දීම සඳහා සකස් කෙරෙන (National Single Window for Investment) මෙම වසර අවසානයට පෙර සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes