ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව්හි අලිගන්ජ් (Aliganj) ප්‍රදේශයේ පිහිටි තුන්මහල් වාණිජ ගොඩනැගිල්ලක අද (22) ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිසෙන් බහුතරය වයස අවුරුදු 22–27 අතර පසුවන සිසුන් වන අතර, ඒ අතර තරුණියන් සිව්දෙනෙකු ද වන බවයි සඳහන්.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් නවදෙනෙකු (09) තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා කිං ජෝර්ජ් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ (KGMU) කඩිනම් ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබෙනවා.
දුමාරයෙන් පිරී පවතින ගොඩනැගිල්ල තුළ තවත් පිරිසක් සිරවී ඇත්දැයි සෙවීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරට පත් තුන්මහල් ගොඩනැගිල්ලේ පහළ මාලයන්හි සුරතල් සතුන් අලෙවිසැලක් සහ සායනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ගින්න හටගෙන ඇත්තේ එහි දෙවන මහලේ පිහිටි “Leaing Space” නමැති පුස්තකාලය/උපකාරක පන්ති මධ්‍යස්ථානය සහ 3D සජීවීකරණ (Animation) සහ ක්‍රීඩා නිර්මාණ ආයතනයක් වන “Head Hopper Studio” පරිශ්රයේයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී එහි සිසුන් සහ පුහුණුවන්නන් 35 දෙනෙකු පමණ රැඳී සිට තිබෙනවා.
ගින්න වේගයෙන් පැතිර යාමත් සමඟ ඇතැම් සිසුන් දෙවන මහලෙන් පහළට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර, තවත් පිරිසක් ගින්නට සහ දුමාරයට හසුවී ගොඩනැගිල්ල තුළම සිරවී ඇති බවත්, ඇතැමුන් බේරීම සඳහා වැසිකිළි තුළට වැදී දොරවල් වසාගෙන සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Latest News
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026