General23 June 2026

රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ පතරොම් තොගයක් සොයා ගත් බව පොලිසිය පවසනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව පසුගිය (19) වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව ඊයේ (22) මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී මෙම විදේශීය පිස්තෝල අවිය සහ ඊට භාවිත කරන මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05 ක් මෙලෙස සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes