අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ තොරතුරු මත මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ පතරොම් තොගයක් සොයා ගත් බව පොලිසිය පවසනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව පසුගිය (19) වැනිදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
එම සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව ඊයේ (22) මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී මෙම විදේශීය පිස්තෝල අවිය සහ ඊට භාවිත කරන මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05 ක් මෙලෙස සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026