General24 June 2026

භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී කොටු වූ සැකකාර පෙම්වතාට ආධාර දුන් රියැදුරෙක් අත්අඩංගුවට

භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් යාපනයේදී අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතාට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රියැදුරෙක්.

ඔහු පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිදුවීමට අදාළ සැකකාර පෙම්වතා සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගත්තා.

ඒ, අද (24) උදෑසන යාපනය ප්‍රදේශයේදීයි.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකට අනුවයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සහ ඔහුගේ බිරිද වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා ගමන් ගන්නා සුඛෝපභෝගී බස් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ ජි.පී.එස්. තාක්ෂණය පරික්ෂා කරමින් බස් රථය යාපනයට ළඟා වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි එම පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලද විගසම ඒ පිළිබඳව යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට දැනුම් දුන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය පොලිසිය වෙත රැගෙන විත් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු සිදු කරන බවත්, නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes