තලවකැලේ ලිඳුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් ඉකුත් ජූනි 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඒ, ඉකුත් ජූනි 17 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්.
මෙම මන්ත්‍රීවරයා නගර සභාවට තේරී පත්ව ඇත්තේ ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු වශයෙන්.
ඉන් අනතුරුව එම නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරීමේ දී පක්ෂය විසින් ලබා දී තිබූ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තිබුණා.
එම විනය පරීක්ෂණයේ දී මන්ත්‍රීවරයා වැරදිකරු වී ඇති අතර, ඒ අනුව ඔහුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබෙනවා.
පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව, අදාළ නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් මෙම මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
Latest News
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026
ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්
Local
24 June 2026
පුස්තකාල කා:කා:ස තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත්තැයි පුද්ගලයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
Local
24 June 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
Local
24 June 2026