එක් විත්තිකරුවෙක් විදේශගතයි: ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්නැයි නියෝග
බෝබුවල ප්‍රදේශයේදී ඉකුත් 2006 වර්ෂයේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයකට හා පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් චූදිතයින් දෙදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් අද (24) මරණ දඬුවම නියම කළා.
මෙසේ මරණ දඬුවම නියම වූයේ බෝබුවල, චිත්තවල්ගොඩැල්ල පදිංචි අසංක ප්‍රදීප් කුමාර හා කළුතරගේ අශෝක යන දෙදෙනාට.
මෙම සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ බෝබුවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුරංග ඉන්ද්‍රජිත් දිසානායක නමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
ඉකුත් 2006 වසරේ මැයි 24 දා හෝ ආසන්න දිනයකදී මියගිය අය හා ඔහුගේ මිතුරෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මග රැක සිටි සැකකරුවන් පසු පැදිකරුගේ පිට ප්‍රදේශයට කඩුවක පිට පැත්තෙන් පහරදී තිබේ. ඔහු වැටුණු පසු පැදිකරු විසින් යතුරුපැදිය නතර කර තිබෙන අතර එම අවස්ථාවේ පැදිකරු ගේ අතකට සහ හිසට කඩුවෙන් කොටා මෙම ඝාතනය සිදු කර තිබෙන බවත් පසු පැදිකරුගේ පාදයක් කපා බරපතල තුවාල සිදුකර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
දොඩංගොඩ පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.
සිද්ධියෙන් වසර එකහමාරකට පමණ පසු මහාධිකරණය මගින් ඇප ලබා පැමිණි ප්‍රධාන සැකකරු ත්‍රීරෝද රථ රියැදුරකු ලෙස කටයුතු කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
වසර විස්සක පමණ දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ එක් චූදිතයකු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
මෙහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන දඬුවම් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ආගමන විගමන පාලකවරයාට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම සැකකරු ලංකාවේ ඕනෑම ගුවන් තොටුපළකින් රටට පැමිණෙන හෝ රටින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර පාලකවරයාට භාර දෙන ලෙසට ආගමන විගමන පාලකවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් වී තිබෙනවා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මිය ගිය පුද්ගලයාගේ එකල බිරිඳගේ සහෝදරයෙකු බවද පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවද අනාවරණය වී තිබෙනවා.
Latest News
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026