International25 June 2026

වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්

වෙනිසියුලාවට ඊයේ (24) රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (24) එරට වේලාවෙන් 22:04ට කරකාස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් පිහිටි සැන් ෆෙලිප් (San Felipe) අසල රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වූ බවයි.

එසේම ඉන් සුළු මොහොතකට පසු අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ (Yumare) අසලයි රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව ඇත්තේ.

මෙමගින් ඉහළ ජීවිත හානි සහ විශාල දේපළ හානියක් සිදුවීමට ඉඩකඩ වැඩි බවයි එම අමෙරිකානු විද්‍යා ආයතනය සඳහන් කරන බවයි අල්ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes