හොර්මූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් කිසිදු ආකාරයක බදු මුදලක් රක්ෂණ ගාස්තුවක් හෝ වෙනත් කිසිදු අයකිරීමක් ඉරානය විසින් අපේක්ෂා නොකරන බව හෝ ලබාගෙන නොමැති බව එම රට විසින් අමෙරිකා එක්සත් ජනපදය වෙත දැනුම් දී තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර තිබෙනවා.
එහිදී ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, කලබලකාරී වාතාවරණයක් මවනු ලබන "ව්‍යාජ පුවත්" (Fake News) මඟින් මීට පටහැනිව වාර්තා කර තිබුණද, ඉරානය විසින් තමන් වෙත මෙම සහතිකය ලබා දුන් බවයි.
කෙසේ වෙතත්, ඉරානය විසින් ලබා දී ඇති මෙම තොරතුර අසත්‍යයක් බව හෙළි වුවහොත්, දෙරට අතර දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානය වෙත කිසිදු මුදලක් ලබා දී හෝ ඔවුන්ට අයත් කිසිදු මුදලක් නිදහස් කර නොමැති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට සම්පූර්ණයෙන්ම අමෙරිකානු පාලනය යටතේ පවතින ඉරානයට අයත් මුදල්වලින් කොටසක්, අමෙරිකානු ගොවීන් සහ පශු සම්පත් පාලකයින් වෙත නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.
එම මුදල් භාවිත කරමින් අමෙරිකානු ගොවීන්ගෙන් බඩඉරිඟු, තිරිඟු සහ සෝයා බෝංචි ඇතුළු තවත් කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට නියමිතයි.
මේ වන විට ඉරානය තුළ දැඩි ආහාර හිඟයක් පවතින අතර, ඔවුන් වෙනුවෙන් මෙම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සුවිශේෂී ලෙස අමෙරිකා එක්සත් ජනපදයෙන්ම පමණක් සිදු කරන බව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

Latest News
වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි නගර සභා උප සභාපති ධුරවලින් ඉවත් කෙරේ
Local
24 June 2026
ඉරානයේ ප්‍රකාශය අසත්‍ය නම් සාකච්ඡා වහාම අවසන් කරනවා - අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් හොර්මූස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි අනතුරු ඇඟවීමක්
Local
24 June 2026
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රීරෝද රථයක සහ ගොඩනැගිල්ලක ගැටෙයි: පස් දෙනෙකු රෝහලට!
Local
24 June 2026
වන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දඹුල්ලේදී ජනතාව උද්ඝෝෂණයක!
Local
24 June 2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
Local
24 June 2026
බෝබුවල මනුෂ්‍ය ඝාතනය: වසර 20 කට පසු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම!
Local
24 June 2026
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026