International26 June 2026

වෙනිසියුලාවේ භු කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළට

වෙනිසියුලාවට බලපෑ ප්‍රභල භූ කම්පන දෙකෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 235ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් තවත් 4,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

භූ කම්පනයෙන් ගොඩනැගිලි 100කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා.

අමෙරිකාව ද ඒ සඳහා විශේෂඥයින් කණ්ඩායමක් යොමු කර ඇති අතර, මානුෂීය කටයුතු වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන ඇතුළු සිය හවුල්කරුවන් හරහා ඩොලර් මිලියන 150ක මුදලක් ලබාදීමටයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes