General27 June 2026

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට යොමු කර ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ඉලක්කයයි - ජනපති

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රබර් සහ තේ නිෂ්පාදන මෙන්ම අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (26) පැවති සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

එමෙන්ම, ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් ඕනෑම අයෙකුට රජයේ උපරිම සහය හිමි වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes