General27 June 2026

දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ

දියතලාවේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බණ්ඩාරවෙල - වැලිමඩ ප්‍රධාන මාර්ගයේ යල්පත්වල ප්‍රදේශයේදී අද (27) පස්වරුවේ අනතුරකට ලක්ව තිබෙනවා.

අදාළ බස් රථය මුලින්ම කැබ් රථයක ගැටී, අනතුරුව මාර්ගය අසල නවත්වා තිබූ ලොරි රථ දෙකක සහ විදුලි කණුවක ගැටී නතර වී තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් බස් රථය ඇතුළු අනෙකුත් රථවාහනවලට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ අයෙකු ප්‍රථිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes