පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සහ රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්සල් වසා තැබීමට පියවර ගෙන ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.එන්.ඒ. ප්‍රේමරත්න නිවේදනය කරනවා.
ඒ අනුව හෙට (29) වැනිදාට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන්, අද (28) මත්පැන්සල් වසනු ලබන වේලාවේ සිට ලබන (30) දින නැවත විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතුයි.
මේ අතර රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත් කර ඇති පොසොන් සතිය වෙනුවෙන් විශේෂ නියෝගයක්ද පනවා තිබෙනවා.
ඒ අනුව ජූනි (26) සිට ජූලි මස (02) දක්වා ක්‍රියාත්මක වන පරිදි මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 04 තුළ පිහිටි සියලුම මත්පැන්සල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 04 හි සියලුම මත්පැන් බලපත්‍රලත් ස්ථාන ජූනි මස 25 වන දින මත්පැන්හල් වසනු ලැබූ වේලාවේ සිට නැවත ජූලි මස 03 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා අඛණ්ඩව වසා තැබිය යුතු බවද සඳහන්.
මෙම නියමිත දිනයන්හිදී බලපත්‍ර කොන්දේසි කඩකරමින් හොර රහසේ මත්පැන් අලෙවි කරන ස්ථාන වැටලීම සඳහා දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත දැඩි උපදෙස් ලබාදී තිබෙනවා.
කිසියම් ස්ථානයක් මෙම නීති උල්ලංඝනය කරන්නේ නම්, ඒ පිළිබඳ තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 1913 සුරාබදු කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකියි.

Latest News
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026