General29 June 2026

පින්බර පොසොන් පොහොය අදයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබෙනවා.

ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වුණා.

එදා දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වූවා.

එවක් පටන් සුවහසක් බෞද්ධ ජනයා විසින් පොසොන්පුර පෝය දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙනවා.

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය (පොසොන් පොහොය දිනය, පොසොන් උත්සවය) ක්‍රි.පූ. 3 වන සියවසේ දී ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීම සමරනු ලබන අතර එය දිවයින පුරා බෞද්ධයන් විසින් සමරනු ලබන ඓතිහාසික හා ආගමික වැදගත්කමකින් යුත් උත්සවයක්.

ජුනි මස පුර පසළොස්වක පොසොන් පොහොය වසර 2000කට පෙර ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළඳගත් අවස්ථාව සිහිපත් කරනවා.

සැමරුම් උත්සවයේ ප්‍රධාන මධ්‍යස්ථානය මිහින්තලය වන අතර, රාජකීය මිෂනාරි භික්ෂුව මිහිඳු මාහිමියන් පාලක රජුට ප්‍රථම ධර්ම දේශනය කළ පුරාණ ආරාම සංකීර්ණය වන අතර විශාල වන්දනාකරුවන් පිරිසක් රැස්වන පුරාණ අගනුවර වන අනුරාධපුරයේදීයි.

බෞද්ධයන්ට මෙම උතුම් පොසොන් දිනය වැදගත්කම අතින් දෙවැනි වන්නේ වෙසක් දිනයට පමණයි.
Related recommendation
Hiru TV News | Programmes