ගෙදර අල්මාරියේ සල්ලි අඩු වුණාම සල්ලි භාරව ඉන්න කෙනා ඒ බව දන්නවානේ. බැංකුවේ මුදල් නැති වුණාම ඒ සම්බන්ධයෙන් යොදවා සිටි බැංකු නිලධාරීන් දන්නේ නැද්ද" යනුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අධිකරණයෙන් විමසා සිටියා.
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා මෙලෙස පැවසුවා.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනා ලබන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
සිද්ධියට අදාල පස්වන සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපට අපරාධය පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම මුදල් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
පෞද්ගලික බැංකුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ එම බැංකුවට මෙම මුදල් වංචාව නිසා බිලියන 13.9ක පාඩුවක් සිදුව ඇති බවයි.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් මෙලෙස විමසා සිටියා.
"2023/2024 අවධියේදී බැංකුවේ සිදු කරන ලද විගණන වාර්තා වලින් මෙලෙස බැංකුවෙන් මුදල් ගලා යෑමක් සම්බන්ධයෙන් අනාවරණය වී නැද්ද? බැංකුවේ සිටින පුද්ගලයෙක් විසින් බැංකුවේ පොදු ලේජර් ගිණුමේ තිබෙන මුදල් යම් පාර්ශවයක් විසින් ගෙන වෙනත් ආයෝජනයක් සිදුකර නැවත බැංකුවේ පොදු ලෙජරයේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවාද?"
එම අවස්ථාවේදී නීතිඥවරයා සඳහන් කළේ එසේ අනාවරණයක් සිදු වී නොමැති බවයි.
මහේස්ත්‍රාත්වරයා
"අවසාන වශයෙන් හුවමාරු වූ බව කියන මිලියන 380 ක මුදල එක දවසේම හුවමාරු වීම සිදුව තිබෙන බව සඳහන් කර තිබෙනවා. එතකොට මීට කලින් මෙසේ විශාල මුදලක් හුවමාරු උනේ නැද්ද? ඒ සම්බන්ධයෙන් ඔඩිට් සයිකල් ක්‍රමයක් තිබුණේ නැද්ද? මොකද ගෙදර අල්මාරියේ සල්ලි අඩුවුණාම සල්ලි භාරව ගෙදර ඉන්න කෙනා දන්නවනේ. බැංකුවේ පොදි ලෙචර් ගිනි මේ සල්ලි වැඩි වුනාම ඒ සම්බන්ධයෙන් එන නිලධාරීන් දන්නෙ නැද්ද? මුදල් නැති වුණාම අයිතිකාරයා දැනගන්න ඕන.ඒ ක්‍රියාවලිය තියෙනවා හැබැයි ඒක බැංකුවේ ක්‍රියාත්මක වෙලා නෑ" යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අධිකරණයට පවසා සිටියා
සිද්ධියට අදාළව තවත් ගිණුම් දහනවයක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. තවද අවිනිශිත ගිණුම් මගින් පිටරටට ගිය මුදල් සම්බන්ධයෙන්ද විමර්ශනය කරනවා ඊට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කරනවා යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වූවා.
එම බැංකුවේ සිදු කරන ලද අභ්‍යන්තර හා බාහිර විගණන වාර්තාවල ප්‍රශ්නගත සිද්ධියට අදාල අංශයේ කිසිදු විගණන වාර්තාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය පසුගිය නඩු වාරයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ දැන්වූවා.
එම බැංකුවේ සිදු කරන ලද අභ්‍යන්තර , බාහිර විගණන සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විගණන වාර්තාවලින් ද ප්‍රශ්නගත සිද්ධියට අදාල ඇතුළත් ගෙවීම් හා පියවීම් අංශයේ විගණන කිසිවක් ඇතුළත් කර නොමැති බව පරිගණක විමර්ශන ඒකකය පෙර නඩු දිනයේදී අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාල විමර්ශන ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව ලබන 10 කැදවීමට නියමිතයි.

Latest News
"ආණ්ඩුවේ ඇමතිවරු අවුරුදු එකහමාරෙන් කෝටිපතියෝ වෙලා; ජනාධිපතිගේ පාර්ලිමේන්තු ප්‍රකාශය ක්‍රියාවෙන් පෙන්වන්න" - රාජිත චෝදනා කරයි
Local
29 June 2026
දික්වැල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Local
29 June 2026
"අල්මාරියේ සල්ලි අඩුවුණාමත් භාරව ඉන්න කෙනා දන්නවා: බිලියන 13ක් නැතිවෙනකම් බැංකුවේ නිලධාරීන් දන්නේ නැද්ද?" - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විමසයි
Local
29 June 2026
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
Local
29 June 2026
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026