General29 June 2026

දික්වැල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

අද (29) සහ අනිද්දා (01) යන දින දෙකේ දික්වැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ, පොසොන් පෙරහැර කිහිපයක් පැවැත්වීම හේතුවෙන්.

ඒ අනුව කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර හේතුවෙන් අද (29) රාත්‍රී 7:00 සිට පෙරහර වීථි සංචාරය කරන කාලය තුළ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා තැබෙන බැවින් රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම්දෙන්නේ.

එමෙන්ම රත්මලේ ප්‍රදේශයේ පැවැත්වෙන පෙරහරක් හේතුවෙන් රත්මලේ, රදම්පල සහ අවට මාර්ගවල ද ගමනාගමන සීමා කෙරෙනු ඇති.

අනිද්දා දිනයේ වලස්ගල ශ්‍රී ජයවර්ධන මුචලින්දාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර පෙරවරු 10.00 සිට වීථි සංචාරය කිරීමට නියමිත අතර, එම අවස්ථාවේදී වලස්ගල, බෙලිඅත්ත, දික්වැල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බලපෑම් ඇති විය හැකි බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව පෙරහර ගමන් කරන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දුන්නේ.
Related recommendation
Hiru TV News | Programmes