International29 June 2026

කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්

මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍යය තුළ සියලුම ආකාරයේ මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතු (Maritime Activities) වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට කටාර් ප්‍රවාහන අමාත්‍යාංශය (MOT) පියවර ගෙන තිබෙනවා.

මෙම තීරණය විනෝද චාරිකා බෝට්ටු (leisure boats), ධීවර බෝට්ටු (fishing boats), ජෙට් ස්කී (jet skis) ඇතුළු අනෙකුත් සියලුම සාමාන්‍ය මුහුදු යාත්‍රා අයිතිකරුවන්ට සහ පරිශීලකයන්ට අදාළ වන බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

ඒ අනුව, නිවේදනය නිකුත් කළ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු මෙම තාවකාලික තහනම බලපැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සමුද්‍රීය සම්මුතීන්ට (inteational maritime conventions) යටත් වන සහ පවතින නීතිරීති හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව ධාවනය වන වාණිජ මුහුදු යාත්‍රා සඳහා මෙම තහනම අදාළ නොවන අතර ඒවා මේ යටතේ නිදහස් කර තිබෙනවා.

කටාර් ආරක්ෂක අංශ සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම තාවකාලික පූර්වාරක්ෂක පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes