International29 June 2026

ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි

ඉදිරි දින කිහිපය තුළ ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර කිසිදු නිල සාකච්ඡාවක් හෝ හමුවීමක් සැලසුම් කර නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) ප්‍රකාශ කර ඇති බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යාමට නියමිත ඉරාන දූත පිරිසේ සංචාරය, එරටට පැමිණෙන ඇමෙරිකානු නියෝජිතයන්ගේ සංචාරය සමඟ කිසිදු සබඳතාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළ බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සිය දූත පිරිසේ දෝහා සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ දෙරට අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding - MoU) ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම පමණක් බවයි.
Related recommendation
Hiru TV News | Programmes