General30 June 2026

අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් නඩු මගට - බස් සංගම් කියයි

හෙට සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත වැඩිවීමක් සිදු නොවුණහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, බස් ගාස්තු ඉහළ දමනවා වෙනුවට ආණ්ඩුව ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව ප්‍රවාහන අමාත්‍යංශය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes