General30 June 2026

ඩෙංගු තොරතුරු සහ පැමිණිලි සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්

ඩෙංගු රෝගය පාලනය කිරීමට අදාළ තොරතුරු ලබාගැනීම මෙන්ම, ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාළ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම මෙහෙයුම් මැදිරිය හරහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගැනීමට සහ මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් (Hotline) ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 011 – 7966366 යන දුරකතන අංකය ඔස්සේ මහජනතාවට ඩෙංගු මර්දන මෙහෙයුම් මැදිරිය සෘජුවම සම්බන්ධ කරගත හැකියි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා, අදාල ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳව මහජනතාව උපරිම ලෙස දැනුවත් විය යුතු බවයි අදාල අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes