කුණ්ඩසාලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැණික්හින්න ප්රදේශයේදී "මුතු" නමැති හීලෑ අලියා පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (30) රාත්රි 8.00 ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ මැණික්හින්න ගණදෙවි විහාර භූමිය අසලදීයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න මුදුන්කොත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ (අලියාගේ අයිතිකරුගේ) බාප්පා කෙනෙකු වන අතර, "මුතු" නමැති මෙම අලියා අතින් මිනිස් ජීවිතයක් අහිමි වූ සිව්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
අලියා බැඳ තිබූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් පැවැති පාන් දන්සලකින් පාන් රැගෙන විත්, අලියාට ආහාරයට දීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
අලියා පුද්ගලයාට පහර දෙන අවස්ථාවේදී අවට සිටි පිරිස් ඔහුව බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වී ඇති බව සඳහන්.
පහරදීමෙන් අනතුරුව දේහය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පැය දෙකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇත්තේ, පහරදීම සිදුකළ ස්ථානයේම අලියා දිගින් දිගටම රැඳී සිටීම හේතුවෙන්
මීට පෙරද අවස්ථා තුනකදී මිනිස් ජීවිත බිලිගත් මෙම අලියා, මෙවර තමන්ව රැකබලා ගත් පවුලේම සමීපතමයෙකු මෙලෙස බිලි ගැනීම ප්රදේශවාසීන් දැඩි කම්පනයට පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Latest News
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026
කොටස් වෙළෙඳපොළ කටයුතු පෙරවරු 11.00ට ඇරඹේ
Local
01 July 2026
මාලබේ දන්සල අසල තරුණයකුට පහරදුන් 05ක් අත්අඩංගුවට
Local
01 July 2026
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි
Local
01 July 2026
කොටස් වෙළෙඳපොළ කටයුතු ඇරඹීම ප්රමාද වෙයි: පෙරවරු 11.00ට අරඹන සූදානමක්
Local
01 July 2026
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙ.ව. 10.30ට ඇරඹේ
Local
01 July 2026
මැණික්හින්න මුතු අලියා සිව්වැනි බිල්ලත් ගනී - හිමිකරුගේ බාප්පා පාන් දන්සලෙන් කෑම දෙන්න ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි
Local
01 July 2026
ඉක්වදෝරය පරදා මෙක්සිකෝවට ජය
Local
01 July 2026