General01 July 2026

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් විතානගේ පාර ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81 හැවිරිදි කාන්තාවක අද (01) අත්අඩංගුවට ගත්බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවත් එහිදී අදාළ ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම නිවසේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි, එම නිවසේ හිමිකාරිත්වය දරන 81 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
ඇයව වැඩිදුර කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් වැටලීම සිදුවන අවස්ථාවේදී මෙම සැකකාර කාන්තාවගේ පුත්‍රයා නිවසේ සිට පොලිසිය මඟහැර පලාගොස් ඇති බවත්, එහිදි පලාගිය සැකකරු පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

ඒඅනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes