කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් විතානගේ පාර ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81 හැවිරිදි කාන්තාවක අද (01) අත්අඩංගුවට ගත්බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බවත් එහිදී අදාළ ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම නිවසේ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 02 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි, එම නිවසේ හිමිකාරිත්වය දරන 81 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ.
ඇයව වැඩිදුර කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස් වැටලීම සිදුවන අවස්ථාවේදී මෙම සැකකාර කාන්තාවගේ පුත්‍රයා නිවසේ සිට පොලිසිය මඟහැර පලාගොස් ඇති බවත්, එහිදි පලාගිය සැකකරු පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
ඒඅනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Latest News
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ජුලි 13 දක්වා තාවකාලිකව වසා තැබේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්‍රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026