ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) නියෝග කළා.
එදිනට ඇප ලබා දීමේ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.
සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වුණා.
ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබුණා.
මෙම සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකළ බවයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේ.
සිද්ධියට අදාලව කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මෙම සැකකරු ඉහත සඳහන් තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.
Latest News
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය ජුලි 13 දක්වා තාවකාලිකව වසා තැබේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026
සුරේෂ් සලේ උපවාසය අත්හරී
Local
01 July 2026
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
Local
01 July 2026
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ 81ක මිත්තණියක් දැලේ:
Local
01 July 2026
රුපියල මේ වසරේ මෙතෙක් 8%කින් අවප්‍රමාණය වෙයි
Local
01 July 2026
රුපියලට මද අස්වැසිල්ලක් - ඩොලරය අද රු. 341.09ට බහී: ඊයේ රු. 341.30ක්
Local
01 July 2026
කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ තමයි දවසකට දෙක බැගින් අත්අඩංගුවට ගන්න එක. මොකක් හරි චෝදනාවක් දාලා ගන්නවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. වෙන කිසිම වැඩ පිළිවෙලක් නැහැ. '
Local
01 July 2026