අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සුප්‍රකට 'එම්පයර් ස්ටේට්' (Empire State Building) ගොඩනැගිල්ලේ මහජනතාවට විවෘත නැති ඉහළම කුළුණ මුදුනට අනවසරයෙන් නැග, විවාහ යෝජනාවක් සිදුකළ රුසියානු ජාතික සමාජමාධ්‍ය ක්‍රියාකාරී යුවළක් නිව්යෝර්ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ලොව පුරා උස් ගොඩනැගිලි මතට ආරක්ෂිත උපකරණ රහිතව නැගීම (Rooftopping) හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන ඇන්ජෙලා නිකොලාවු (Angela Nikolau) සහ අයිවන් බීර්කස් (Ivan Beerkus) යන යුවළයි.
පසුගිය (01) දා දහවල් කාලයේදී කළු පැහැති ඇඳුමෙන් සැරසී, මුහුණු ආවරණය කරගනිමින් මෙම යුවළ අඩි 1,454ක් උසැති මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ ඇන්ටනාව සහිත කුළුණ මුදුනටම නැග තිබුණා.
එහිදී ඔවුන් විසින් "ආදරයේ බලය, බලයට ඇති ආදරය පරාජය කරන දිනට ලෝකය සාමය අත්කර ගනු ඇත" යන වැකිය සඳහන් විශාල කළු පැහැති බැනරයක් ද ප්‍රදර්ශනය කළ බව සඳහන්.
පසුව දහවල් 12:30ට පමණ කුළුණේ මඳක් පහළ වේදිකාවකට පැමිණි තරුණයා, එහිදී තරුණිය ඉදිරියේ දණින් හිඳ විවාහ යෝජනාවක් සිදුකර ඇති අතර, ඉන්පසු ඔවුන් දෙදෙනා වැළඳගෙන සිපගන්නා අයුරු නගරයේ කැමරා සහ පොලිස් හෙලිකොප්ටර් දර්ශනවල සටහන්ව තිබුණා.
තරුණිය විසින් පසුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුද්දක් සහිත ඡායාරූප ද එක්කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම අවදානම් සහගත ක්‍රියාව නිරීක්ෂණය කළ නිව්යෝර්ක් පොලිසියේ හදිසි සේවා අංශයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ගොඩනැගිල්ල මුදුනේදීම ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී අනවසරයෙන් ඇතුළුවීම (Burglary), අපරාධමය අයුතු ඇතුළුවීම (Criminal Trespass) සහ නොසැලකිලිමත් ලෙස ජීවිත අනතුරේ හෙළීම (Reckless Endangerment) යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.

Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026