නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පවසා තිබෙනවා.
අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ, ඊයේ (02) කොළඹ දී පැවති උත්සවයකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරුවරයා,
“පරමාධිපත්‍යයට ප්‍රධාන කොටස් හතරක් තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය සහ ඡන්ද බලයයි. එහිදී අප අයත් වන්නේ තුන්වැන්නටයි, එනම් ජනතාවගේ අධිකරණ බලයටයි. එබැවින් විනිසුරුවරයෙකු ලෙස ඔබ විනිශ්චය ආසනයේ සිට ක්‍රියාත්මක කරන්නේ කුමන බලයක්ද? ජනතාවගේ අධිකරණ බලයයි.
ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැත. අප ඔබට බලය ලබා දෙන්නේද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නොවේ.
එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාවයි. ඒ කාගේ යහපත සඳහාද? ජනතාවගේ යහපත සඳහායි. එය සැමවිටම මතකයේ තබා ගත යුතුය. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයද අයිති වන්නේ ජනතාවටයි.
අධිකරණයේ ස්වාධීනත්වය ඔබ තුළ සුරැකිය යුත්තේ ජනතාව වෙනුවෙනි, ඔබ කේන්ද්‍ර කරගත් ඔබේම පටු ප්‍රයෝජනය සඳහා පමණක් අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට නොවේ.
සමහර අය සිතනවා, "මම විනිසුරුවරයෙක්, මම ස්වාධීනයි. අධිකරණයේ ස්වාධීනත්වය කියලා දෙයක් තියෙනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්" කියා. නැත, ඔබේ කාර්යය කොතරම් දුෂ්කරද කියා බලන්න.
රටක් විනාශ වී යා හැක්කේ ස්වභාවික විපත්වලින් පමණක් නොවේ. නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකියි.
නරක අධිකරණ පද්ධතියක් ඉතා කෙටි කාලයකින් රටක් විනාශ කර දමනු ඇත. එය එසේ වුවහොත්, කිසිදු ජාත්‍යන්තර ආධාරකරුවෙකුට හෝ ජාත්‍යන්තර උපකාරයකට මේ රට නැවත ගොඩනැඟිය නොහැකි වනු ඇති”

Latest News
රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : කොළඹ කාන්තා විද්‍යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට
Local
03 July 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුව පස්වරු 2.00ට නැවත කැඳවයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026
"ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් නරක අධිකරණ පද්ධතියක් රටක් විනාශ කරනවා" - අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන
Local
03 July 2026
වසරක් තුළ ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයකට වඩා සොයලා
Local
03 July 2026
වට්ස්ඇප් පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියාවෙන් නියෝගයක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026