General03 July 2026

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්, නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණහන්දිගේ යන අය අද (3) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමඟ සම්බන්ධ වූ අල්ලස් වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes