General04 July 2026

රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කරන්නැයි ගොවීන් ඉල්ලයි

වී මිලදී ගැනීම සඳහා කඩිනමින් රජයේ වී ගබඩා විවෘත කරන්නැයි ගොවීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, ඔවුන් කියා සිටියේ තමන්ගේ වී සඳහා නිසි මිලක් ලබාදෙන ලෙසයි.

යල කන්නයේ වී සඳහා වෙළෙඳ අමාත්‍යාංශය සහතික මිලක් පසුගියදා ප්‍රකාශයට පත් කළ ද ගොවීන් කියා සිටියේ එම මිල ප්‍රමාණවත් නොවන බවයි.

වී මිලදී ගැනීම සඳහා හිඟුරාණ පැරණිගම ප්‍රදේශයේ පිහිටි රජයේ ගබඩාව මේ දක්වා විවෘත කිරීමට කටයුතු කර නොමැති බවයි ගොවීන් චෝදනා කළේ.

කෙසේ වෙතත්, අනුරාධපුර - තිරප්පනේ ගොවි සංවිධානයේ නියෝජිතයින් සඳහන් කළේ, මෙම අවස්ථාවේදී වී ගබඩා විවෘත කර රජය වී මිල දී ගැනීම ආරම්භ කළහොත් තම වී අස්වනු නෙළන අවස්ථාව වන විට ඒවා අලෙවි කරගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි.
Related recommendation
Hiru TV News | Programmes