General04 July 2026

පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්

පාසල් පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව තාක්ෂණික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී තිබෙනවා.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය සලකා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, 2024 වර්ෂයේ සිට සියලු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, දැනට පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ තොරතුරු සෘජුව ලබා ගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes