General04 July 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

දිවයින පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු මගින් සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් අදාළ ප්‍රදේශවල පලාත් පාලන ආයතන, සෞඛ්‍ය අංශ සහ ප්‍රජාව සමග එක්වී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම හා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සිදු කරනවා.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes