General05 July 2026

"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය

අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසූරිය අවධාරණය කරනවා.

එවැනි සංශෝධනයක් මේ මොහොතේ අනවශ්‍ය මෙන්ම කිසිසේත්ම යෝග්‍ය නොවන බව නීතිඥ සංගමයේ ස්ථාවරය බවයි නීතිඥ රජිව් අමරසූරිය සඳහන් කරන්නේ.

වත්මනයේ පිළිවෙලින් අවුරුදු 63 සහ 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට සලකා බලමින් සිටින බවට පළ වන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කරනවා.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් සංවිධානය කර තිබූ අතර, අද (04) දින ඊට එක්වෙමින් නීතිඥ රජිව් අමරසූරිය මේ බව සඳහන් කළා.

මෙම විෂයට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි විරෝධය සහ ස්ථාවරය ඇතුළත් කරමින්, සභාපති නීතිඥ රජිව් අමරසූරියගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes