කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඉන් එක් අයෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.
දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු ඔහුගේ සහෝදරයකුගේ උපන්දින සාදයකට සහභාගි වී සිට ඇති බවයි.
එහිදී එහි සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ඇති වූ ආරවුලක් මත මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
ආධුනික නාවිකයින් 269ක් විසිර යති
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026
අමෙරිකාවේ නිව්යෝර්ක්හි වෙඩි තැබීමක්: අට දෙනෙකුට තුවාල
Local
05 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
05 July 2026
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ සංක්‍රමණිකයින් 54ක් අත්අඩංගුවට
Local
05 July 2026
සහෝදරයාගේ උපන්දින සාදයේදී ඇතිවූ ආරවුලෙන් අයෙක්ට දිවි අහිමි වෙයි
Local
05 July 2026
කාන්තා T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද
Local
05 July 2026
කොළඹ ඉදන් අන්තිම බස් එකෙන් ඇවිත් හොරණ කඩ බිඳපු ෆෝන් හොරා කොටු
Local
05 July 2026
සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන නව ගමනක් සඳහා සැමටම ආරාධනා කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
05 July 2026