General05 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) පස්වරුවේ හටගත් දරුණු ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 34 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මේ වනවිට රෝහල් ගතකළ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes