මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) දහවල් ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම ගැටුමට මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ තොරතුරු පාවා දීමේ සිද්ධියක් මුල් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය පියවර ගෙන තිබුණා.
පොලිසිය සඳහන් කළේ, රෝහල්ගත කළ පිරිස අතරින් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, බරපතල තත්ත්වයේ පසු වූ තවත් රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.
ගැටුම අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව සහ කාර්යාලය කඩා බිඳ දමා, එහි තිබූ වේදනා නාශක ඖෂධ වර්ග පානය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
එමෙන්ම බන්ධනාගාරයේ කාර්යාලයේ ඉබියතුරු කඩා එහි තිබූ උපකරණවලට ද හානිකර ඇති බව පොලිසිය පැවසුවා.
පිරිමි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහළ මතට නැග දැවැන්ත විරෝධතාවයක නිරත වී ඇති අවස්ථාවේදී, බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහළ එකවරම කඩාවැටී ඇති අතර, ඉන් වහළ මත සිටි රැඳවියන් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ කැරලි මර්ධන ඒකකය වහාම බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර, බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ මේ වන විට බන්ධනාගාරයේ ඇතුළත පාලනය රැඳවියන්ගේ ද සහාය ඇතිව සාමකාමී තත්ත්වයට පත් කර ඇති බවයි.
"බූරු මූණා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් පුෂ්පකුමාර නමැත්තා විසින් මෙම ගැටුම මෙහෙයවා ඇතැයි අනාවරණ වී ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක : ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ග බීලා
Local
06 July 2026
ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි
Local
06 July 2026
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් ඔස්ට්‍රේලියාවට
Local
05 July 2026
රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට
Local
05 July 2026
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026