2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (05) සමත් වුණා.
ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අවසන් මහා තරඟයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් ඕස්ට්‍රේලියාව මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කරනු ලැබුවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් වුණා.
එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා නැට් සිවර්-බ්‍රන්ට් නොදැවී ලකුණු 58ක් (පන්දු 53කදී) ලබාගත් අතර, ෆ්‍රෙයා කෙම්ප් පන්දු 28කදී වේගවත් ලකුණු 44ක් රැස් කරනු ලැබුවා.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කිම් ගාර්ත් ලකුණු 20කට කඩුල්ලක් සහ සෝෆි මොලිනියු ලකුණු 32කට කඩුල්ලක් දවා ගත්තා.
ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 17.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට සමත් වුණා.
ඒ අනුව ඔවුන් පන්දුවාර 20 ලෝක කුසලාන ජයක් හිමිකරගත් 07වැනි අවස්ථාව මෙය වනු ඇති.
ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකාරිනී බෙත් මූනි හතරේ පහර 10ක් සමඟින් ලකුණු 64ක් (පන්දු 49කදී) රැස් කළ අතර , ඇයට අනගි සහයක් දුන් ෆීබි ලිච්ෆීල්ඩ් ලකුණු 48ක් ලබා ගත්තා.
එලිස් පෙරී නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවනු ලැබුවා.
එංගලන්තය වෙනුවෙන් චාලි ඩීන්, ලෝරන් බෙල් සහ සෝෆි එක්ලෙස්ටෝන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Latest News
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් ඔස්ට්‍රේලියාවට
Local
05 July 2026
රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට
Local
05 July 2026
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026