General06 July 2026

වැඩිකළ බස් ගාස්තුව අද සිට

ඉහළ දැමුණු බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 රුපියල් 2902 දක්වා රුපියල් 480 කින් ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිසම පසුගියදා නිවේදනය කළේ.

ඊට අමතරව රුපියල් 39 ක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 44 ක් දක්වාත් රුපියල් 50 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 56 දක්වාත්, රුපියල් 62 ක මුදලකට පැවති ගාස්තුව, රුපියල් 69 දක්වාත්, රුපියල් 74 ගාස්තුව රුපියල් 82 දක්වාත්, රුපියල් 85 ගාස්තුව රුපියල් 95 දක්වාත්, රුපියල් 97 ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 108 ක් දක්වාත් ඉහළ යනවා.

එසේම, අර්ධ සුඛෝපභෝගී නව බස් ගාස්තු යටතේ අවම ගාස්තුව වූ රුපියල් 44 ක බස් ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යන අතර එහි උපරිම ගාස්තුව වූ රුපියල් 3,330 ක බස් ගාස්තුව රුපියල් 4,353 දක්වාද ඉහළ යනු ඇති.

මීට අමතරව සුඛෝපභෝගී සේවා ගාස්තුවල රුපියල් 60 ක් ලෙස පැවති අවම ගාස්තුව ඉහළ යන්නේ රුපියල් 66 දක්වායි.

සුඛෝපභෝගී සේවා උපරිම ගාස්තුව වන රුපියල් 4405 රුපියල් 5571 ක් ලෙස ඉහළ දමා තිබෙනවා.

මේ අතර අන්තර් පළාත් සේවා යටතේ කොළඹ සිට මහනුවර දක්වා නව ගාස්තුව රුපියල් 521 ක්.

කොළඹ - මාතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 681 දක්වාත්, කොළඹ - ගාල්ල අන්තර් පළාත් සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 496 දක්වාත් ඉහළ දැමූ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes