General06 July 2026

ගෝඨාභයගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපති ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

අදාල පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්, අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු ඉදිරිපත් කළ පෙත්සමේ අන්තර්ගත ඉල්ලීම් මූලික අයිතිවාසිකම් හා සම්බන්ධ කරුණු බැවින් ඒ පිළිබඳව විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා.

එම නිසා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය දේශනය ඉදිරිපත් කිරිම අවසන් කළා.

වැඩිදුර කරුණු දැක්වීම් මේ මස 09 වනදා දක්වා කල් තැබුණා.
Related recommendation
Hiru TV News | Programmes