General06 July 2026

බලු සුරතලා දෙන්නැයි කියා මුදල් වංචා කරලා

බලු පැටියෙක් ලබා දෙන බව පවසා රුපියල් 35,000/= ක මුදලක් ලබාගෙන එම බලු පැටියා ලබා නොදී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැලිකඩ පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය හමුවේ දන්වා සිටියා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි නෙත්මි සිල්වා නමැත්තිය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර සිටියේ මෙම තැනැත්තියට බලු පැටියෙක් ලබා දෙන බව පවසා මෙලෙස මුදල් වංචා කළ ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes