මහනුවර මහ නගර සභා සීමාවේ ඩෙංගු අධි අවධානම් තත්ත්වයේ පවතින කලාප 07 ක් හඳුනා ගැනීමත් සමඟ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නගර සභාව තීරණය කර තිබෙනවා.
ඩෙංගු අධි අවදානම් තත්ත්වයෙන් මහනුවර නගරය මුදා ගැනීම සදහා නගරාධිපති ප්‍රමුඛ නගර සභාව ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබෙනවා.
පසුගිය සතිය තුළ පමණක් මහනුවර නාගරික සීමාවෙන් ඩෙංගු රෝගීන් 108 දෙනෙකු වාර්තා වී තිබෙන අතර රෝගීන් බහුතරය වාර්තා වී තිබෙන්නේ මහනුවර පොලීසිය අසල සිට පේරාදෙණිය පාර, බහිරවකන්ද, නිත්තවෙල දේවී පාර, හීරැස්සගල ආදි ප්‍රදේශ වලින්.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී ජනතාව අවධිමත් ලෙස පරිසරයට මුදාහැර තිබූ යෝගට් කෝප්ප සහ බීම බෝතල් රැසක් සොයා ගැනීමට හැකිවූ බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන්ත මාසාච්චි පැවසුවා.
මහනුවර නාගරික සීමාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (06) මහනුවර මහ නගර සභා ශාලාවේදී පැවැති රැස්වීමකදී ඔහු මෙම තොරතුරු අනාවරණය කළා.
ජනවාරි මාසයේ සිට මැයි ජූනි මාසය දක්වා රෝගීන් වාර්තා වීමේ සුළු වැඩිවීමක් පෙන්නුම් කළත් පසුගිය සති දෙකක කාලය තුළ රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබුණු බවත් ජලය එකතුවිය හැකි ප්ලාස්ටික් හා වීදුරු බෝතල් වැනි දේ අවධිමත් ලෙස පරිසරයට මුදා හැරීම මිනි මැරීමට තැත් කිරීමක් ලෙස හැඳින්වීමේ වරදක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළා.
මහනුවර ජාතික රෝහලේ රෝගීන් 110ක් ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝගීන් 90 දෙනෙකුද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයිද ඔහු පැවසුවා.
නියෝජ්‍ය පුරපති රුවන් ගලපිටියගේ ප්‍රධානත්වෙයන් මෙම රැස්වීම පැවැත්වුණා.
Latest News
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
Local
06 July 2026
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026
බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී
Local
06 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
Local
06 July 2026