General07 July 2026

ඩෙංගු මර්දන එන්නතක් මෙරටට ගෙන්වීමට සැරසේ

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලොව පුරා භාවිත කරන එන්නතක් මෙරටට ගෙන ඒම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අදත් දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඩෙංගු මර්දන වැඩසටහන් තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 39ක් ලෙසයි.

කෙසේ වෙතත් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නෛතික ගැටළු රැසක් මතුව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්. එස්. සී. ප්‍රසාද් කියා සිටියේ.

මේ අතර, ඩෙංගු වෛරස් ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති හතර අවදානම් බවයි කොළඹ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes