පැසිෆික් කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් චීනය සතු බලපෑම සීමා කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක සන්ධානයක් පිහිටුවා තිබෙනවා.
මෙම සන්ධානය ඉදිරියේදී කලාපයේ සෙසු රටවල් දක්වා ව්‍යාප්ත කිරීමේ හැකියාවද පවතිනවා.
දේශපාලන විශ්ලේෂකයන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඔබ්බට ගිය ‘සාමයේ සාගරය’ (Ocean of Peace) නම් වූ මෙම ආරක්ෂක ගිවිසුම හරහා, අමෙරිකා එක්සත් ජනපදය, නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාවෙන් පසු ඔස්ට්‍රේලියාවේ සිව්වන නිල ආරක්ෂක මිත්‍ර රට බවට ෆීජි රාජ්‍යය පත්වෙනවා.
ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක මූල්‍ය ප්‍රතිපාදන සහිත මෙම සන්ධානයට සහ ආර්ථික, දේශගුණික, සෞඛ්‍ය මෙන්ම සංක්‍රමණික ක්ෂේත්‍ර ආවරණය වන වෙනම Vuvale Union ගිවිසුමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ෆීජි අග්‍රාමාත්‍ය සිටිවේනි රබුකා විසින් ෆීජි අගනුවර වන සුවා හිදී අත්සන් තබා තිබෙනවා.
මෙම ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, චීනය විසින් පැසිෆික් සාගර කලාපයට අනුකරණ යුධ ශීර්ෂයක් සහිත න්‍යෂ්ටික බලය රැගෙන යා හැකි දිගු දුර මිසයිලයක් අත්හදා බැලූ බව නිවේදනය කළා.
චීනයේ මෙම පියවර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල දැඩි විවේචනයට ලක්වුණා.
දෙරටටම අන්‍යෝන්‍ය ආරක්ෂක බැඳීම් පැවරෙන ඔස්ට්‍රේලියාව සහ ෆීජි අතර මෙම ‘සාමයේ සාගරය’ සන්ධානය, තමන්ගේම කියා හමුදාවක් සතු සෙසු පැසිෆික් කලාපීය රටවල් තුන වන ටොන්ගා, පැපුවා නිව්ගිනියාව සහ නවසීලන්තය සඳහා ද විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Latest News
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ විමර්ශන සීඅයිඩීයට - 'කටුවැල්ලේගම සුරේෂ්' බූස්සට
Local
07 July 2026
“බදු ශක්ති 2026” ජාතික බදු සතිය ඇරඹේ
Local
07 July 2026
රුපියල අදත් හුස්මක් ගනී
Local
07 July 2026
බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ ඇමති මීගමුව මහ රෝහලට
Local
07 July 2026
ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
07 July 2026
සලින්ත සන්තකයේ තිබී ජංගම දුරකථන හමුවීමේ සිද්ධියට : බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නොතීසි
Local
07 July 2026
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
07 July 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඇප
Local
07 July 2026