General07 July 2026

එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ

එප්පාවල පොලිස් වසමේ ඊයේ (06) දින කළ මෙහෙයුම් වලදී හෙරොයින් සන්තතයේ තබා ගත් පුද්ගලයින් 06 දෙනෙකු හා ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 15 740 ක් හා විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියදුරෙකු එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාළයක සිට එප්පාවල ඇතුලු අවට ගම්මාන රැසකට හෙරොයින් හා නීතීවිරෝධී මත්පැන් බෙදා හැරීම සිදු කළ දෝණි නමැති කාන්තාව එප්පාවල පොලිස් ස්ථනාධිපතිවරයා සෘජුවම මැදිහත් වී පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඉන් අනතුරුව එප්පාවල අවට පැතිර ඇති මත් ජාවාරම මැඩලන ලෙස එම ප්‍රදේශවාසීන් එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුව සම්බන්ධ පුද්ගලයකු වූ දෝණි නම් කාන්තාවගේ පුංචි අම්මාගේ පුත්‍රයකු (ඥාති සහෝදරයකු) එප්පාවල මැඩියාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10.3 ක් සමඟ ඊයේ (06) එප්පාවල පොලිස් ස්ථනාධිපතිතුමන්ගේ සෘජු මැදිහත් වීම මත අත්අඩංගුවට ගෙන තිබුණා.

මීට අමතරව තඹුත්තේගම පාර, එප්පාවල පදිංචි පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 2.320 ක් සමඟ, වීරසිංහ මාවත එප්පාවල පදිංචි පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 2.850, එප්පාවල අක්කර 20 පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මිලි ග්‍රෑම්ක් 100 හා මිලි ග්‍රෑම් 80 ක් සමඟ,වාදියාගම එප්පාවල පදිංචි පුද්ගලයකු හෙරොයින් මිලි ග්‍රෑම් 90 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය‍ පානය කර බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් පැදවූ එප්පාවල අක්කර 20 ප්‍රදේශයේ පුද්ගලයකුද ඊයේ (06) එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සමස්ථ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලි ග්‍රෑම් 15 740 ක් පමණය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පවසන්නේ.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස් අබේසේකරගේ සෘජු මැදිහත් වීම හා උපදෙස් මත, එප්පාවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ , පොලිස් සැරයන්වරුන් වන 68606 එරංග, 61427 තරංග, 70004 රුවන්, 38796 බුලත්සිංහ,පොලිස් කොස්තාපල්වරුන් වන 87107 දිසානායක, 105237 සමීර,75833 දිනේෂ්, 94077 කොඩිකාර හා සිවිල් ආරක්ෂක නිළධාරී 0162218 රණසිංහ යන නිළධාරීන් මෙම වැටලීම් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණා.
Related recommendation
Hiru TV News | Programmes