General07 July 2026

පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති සිසුවියක් අබිරහස් ලෙස මිය යයි

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගල්කණුව පාරේ කුලී නිවසක තිබී වයස අවුරුදු විසිහයක කාන්තා මළ සිරුරක් හමුවූ බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති උපාධිය හදාරමින් සිටි පානදුර උතුර ගල් කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි මාන්නමරක්කළගේ නදුනි සහශ්‍රි කුරේ නමැති අවිවාහක කාන්තාවකි.

මියගිය මෙම කාන්තාව තනිවම මෙම නිවසේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඇය මෙම නිවසේ සිට අධ්‍යාපන කටයුතු සිදුකර ඇති බවයි වර්තා වන්නේ.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් සැක කටයුතු මරණයක් ද සියදිවී හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය පානදුර කොට්ඨාස ස්ථාන පරීක්ෂණ නිළධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි දන්වා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes