බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු පමණ රැඳවියන් රැගෙන ඒමට බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කැරැල්ල ආරම්භ කර ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසනවා.
බන්ධනාගාරගතව සිටින රැඳවියන් විසින් රැඳවියන් 50 දෙනෙකු පමණ තම ඥාතීන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීම පරිදි බන්ධනාගාර අධිකාරී ගජනායක විසින් එම ඉල්ලීමට සවන් දී එම අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී එලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එහිදී එම නිලධාරීන් මුදවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව කටයුතු කළ අවස්ථාවේ රැඳවියන් සිටි බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කීපයක් ඇසී ඇතැයි පොලිසිය පවසනවා.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරින් ප්‍රධාන දොරටුව විවෘත කරමින් බන්ධනාගාරය තුළට ඇතුළුවන අවස්ථාවේදී නිලධාරින් හා රැඳවියන් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇතැයි ද එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් තුවාල ලබා ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරනවා.
එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමෙන් පසු තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ ලෙස තුවාල ලබා සිටි බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු හා රැඳවියන් 17 දෙනෙකු එම අවස්ථාවේදීම මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද පොලිසිය පවසනවා.
එයින් අනතුරුවද රැඳවියන් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.
තුවාල ලද බන්ධනාගාර නිලධාරීන් 24 දෙනාගෙන් 16 දෙනෙක් මීගමුව රෝහලේත්, බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා 8 දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙතද යොමු කළ බවත්, තුවාල ලද රැඳවියන් 61දෙනාගෙන් 50 දෙනෙක් මීගමුව රෝහලේත් සෙසු 11 දෙනා කොළඹ ජාතික රෝහලෙත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් පොලිසිය සඳහන් කරනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත රැඳවියන් භාරයට අවි ලැබීම හා අවිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මීගමුව දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරී ආර් එම් ජි ජි රත්නායකගේ මෙහෙයවීමෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Latest News
නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්
Local
08 July 2026
මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට
Local
08 July 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ලෝක බොර තෙල් මිල සීඝ්රයෙන් ඉහළට
Local
08 July 2026
කෝටි 3කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු එඩේරමුල්ලේදී අත්අඩංගුවට
Local
08 July 2026
භාණ්ඩ ප්‍රවාහන K2 ගුවන් යානයක් කාර්ය මණ්ඩලයේ 5ක් සමග කරච්චියට නුදුරු අහසේදී අතුරුදන්
Local
08 July 2026
බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි
Local
08 July 2026
මීගමුව බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කළ රැඳවියෙකු හදිසියේ අසනීප වීමෙන් මරුට
Local
08 July 2026
මහමෝදර බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට්ටුවක්
Local
08 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
08 July 2026
ඉරානය ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ද ප්‍රහාර එල්ල කරයි
Local
08 July 2026