අංගෙඩ කැලිණිමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගනු ලැබූවැයි කියන රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහන තුනක් සම්බන්ධයෙන් ක්‍රියාවිරහිත කිරීමේ (තහනම් කිරීමේ) නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (08) නිකුත් කර තිබෙනවා.
ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
කැලණිමුල්ල උතුර, අංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එහිදී සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් සැකකාරියගේ සහ ඇගේ සමීපතමයෙකුගේ නමින් රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ත්‍රීරෝද රථ දෙකක් මිලදී ගෙන ඇති බවයි.
ඊට අමතරව සැකකාරියගේ පුත්‍රයාගේ නමින් රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා බස් රථයක් ද මිලදී ගෙන ඇති බව හෙළි ව ඇතැයි ද පැවසෙනවා.
මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, අදාළ දේපළ සම්බන්ධයෙන් ලබන 14 වැනිදා දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
Latest News
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026
මඩකලපුව, අම්පාර සහ මොනරාගලට හෙට දැඩි උණුසුමක්
Local
08 July 2026
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026