General08 July 2026

යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු ලබන ජූලි මස 15 වැනිදා සිට කඩිනමින් වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.

වී මිලදී ගැනීම් සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක මුදලක් සෘජුවම ලබා දී තිබෙන බවද සඳහන්.

ඊට අමතරව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ණය මුදල් ලෙස තවත් රුපියල් බිලියන 10ක් රජයේ බැංකු මඟින් වෙන් කර තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය හරහා සිදු කෙරෙන මෙම මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ සහාය ලබා ගැනීමට ද කටයුතු යොදා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes