General08 July 2026

ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි

ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කළ ගොවි විරෝධතාවක් බකමූණ නගරයේදී පැවැත්වුණා.

ඒ වී සඳහා ස්ථිර මිලක් ලබා දෙන ලෙස සහ කෘෂි යෙදවුම් මිල පහත දමන ලෙස ඉල්ලමින්.

එමෙන්ම, පුලස්තිපුර ගොවිජන එකමුතුවේ ගොවීන් පිරිසක්ද අද උදෑසන මින්නේරිය පුරාණ මහසෙන් දේවාලයට පැමිණ පොල් ගසමින් දේව කන්නලව්වක් සිදු කළා.
Related recommendation
Hiru TV News | Programmes